ප්‍රමිතියට වඩා රසදිය සහිත සමට හානිකර ආලේපන වර්ග 49ක් ගැන අනතුරු හැඟවීම්

Article information
Author,බීබීසී සිංහල
ශරීර වර්ණය පැහැපත් කරගැනීමේ අරමුණ සහ තවත් අරමුණු සඳහා බොහෝ දෙනෙකු භාවිත කරන විවිධ ආලේපන වර්ගවල ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වී තිබීමට හැකි ය.
ගෙදර හදන 'සුදු වෙන ක්‍රීම්' ගන්න කලින් මේ කරුණු දැනගන්න
ශ්‍රී ලංකාවේ අලෙවි වන මෙවැනි නිෂ්පාදන සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කලින් කලට නිවේදන නිකුත් කරනු ලබයි.
සැමට අහිතකර රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය හෝ නියමිත ප්‍රමිතිය ඉක්මවා රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග ඒවා භාවිත කර යට කෙටි කාලීන මෙන් ම දීර්ඝ කාලීන බලපෑම් ද ඇති කරයි.
හඳුනාගත් හානිකර ආලේපන වර්ග මොනවා ද?
අන්තර්ජාතික නිර්ණායකය වන ISO/TR/17276 අනුව සකස් කරන ලද ශ්‍රී ලංකාවේ නීතියෙන් සම්මත කරන ලද ශ්‍රි ලංකා ප්‍රමිතී නියෝග SLS 743 අනුව ශරීර ආලේපනයක තිබිය හැකි උපරිම රසදිය (Mercury) ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් එකක් (1mg/kg) විය යුතු ය.
නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිවේදනයේ දක්වා ඇති නිෂ්පාදනවල අඩංගු රසදිය ප්‍රමාණය ඉතා අධික ප්‍රමාණයක් වේ.
ඇතැම් නිෂ්පාදනවල එය දස දහස් ගුණයන්ගෙන් ඉහළ ය.
මේ 'වයිට්නින් ක්‍රීම්' භාවිත කරන්නේ බලාගෙනයි! - ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට අනතුරු ඇඟවීමක්
එමෙන් ම අධිකාරිය විසින් දක්වා ඇති ඇතැම් නිෂ්පාදනවලට කාණ්ඩ අංකයක් නොමැති අතර, එවැනි කාණ්ඩ අංකයන් නොමැතිව නිෂ්පාදන විකිණීම ද තහනම් ය.
පහත නිෂ්පාදන 49 තුළ ප්‍රමිතිගත රසදිය ප්‍රමාණයට වඩා ඉතා අධික රසදිය ප්‍රමාණයක් ඇති බවට නිවේදනයේ දැක් වේ.
0 Comments