Ticker

6/recent/ticker-posts

නායයෑමේ අනතුරු ඇගවිම්

දිස්ත්‍රික්ක හතරක නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

 පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 04 කට නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, කලුතර, මහනුවර සහ කෑගල්ලයි.

මේ අතර, අධික වර්ෂාවත් සමග ග්‍රෙගරි වැව ආසන්නයේ දී නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයට විශාල ගස් කිහිපයක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන් ඇණ හිටියා.

පසුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඒවා කපා ඉවත් කිරීමෙන් අනතුරුව මේ වන විට සාමාන්‍ය පරිදි ගමනාගමන කටයුතු සිදුවන බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

එමෙන්ම, හපුතලේ - ඔහිය ප්‍රදේශයේ හරහා අද අලුයම හමා ගිය දැඩි සුළඟකින් ගස් කඩා වැටීම නිසා ඔහිය හෝටර්න්තැන්න මාර්ගය අවහිර වුණා.

ඔහිය දුම්රිය ස්ථානයේ වහලයකට සහ නවතා තිබූ මෝටර් රථ 03 කටද හානි සිදුව සිදුව ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.
Related Recommends
Hiru TV News | Programmes
program
program
program
program
program
program
program
program

Post a Comment

0 Comments