"කඩවල් දෙකකින් ම ලුණු නැහැ කිව්වා. ලුණු පැකට් එකක් ගන්න කඩවල් තුනකට යන්න වුණා මට. ඒ කඩෙත් පැකට් දෙක යි තිබුණේ. අනිත් කඩවල්වල ලුණු නැති නිසා මම ඒ පැකට් දෙක ම ගත්තා. දැන් ඒ කඩෙත් ලුණු ඉවර යි."
ශ්‍රී ලංකාව තුළ මතුව ඇති ලුණු හිඟය මධ්‍යයේ ලුණු සොයා ගැනීමට ඇති අසීරු තත්ත්වය පිළිබඳව ඉනෝකා නමැති ගෘහණිය බීබීසි සිංහල සේවයට විස්තර කළේ එසේ ය.
මේ අතර, සංචාරක අවන්හලක් පවත්වාගෙන යන ළහිරු පැවසුවේ, පවතින ලුණු හිඟය හේතුවෙන් වැඩි මිලට ලුණු මිල දී ගැනීමට තමන්ට සිදුවූ බව ය.
"රෙස්ටෝරන්ට් එකට ලුණු ඕන ම යි. ඒත් දැන් අපි බඩු ගන්න කඩවල එක්කෝ ලුණු අඩු යි. නැතිනම් ඇත්තෙ ම නැහැ. ලුණු නැතිව අපි කොහොම ද කෑම විකුණන්නේ. ඉතින් වෙන දා ගන්නවට වඩා ගාණක් දීලා, වෙන දා ගන්නවට වඩා ලුණු ටිකක් අර ගත්තා."
0 Comments