ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වඩා තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වල මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව සඳහන්.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ උතුරු, උතුරු - මැද, වයඹ සහ දකුණු පළාත් වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
0 Comments