දිවයින හරහා පවතින සක්‍රිය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ උතුරු මැද මෙන්ම වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 55 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සුළං තත්ත්වය පිළිබද ඔවුන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තද සුළං ඇති විය හැකි බවයි.
අයහපත් කාලගුණය සහ වාරකන් හේතුවෙන් හලාවත වැල්ල ග්‍රාමයේ නිවාස රැසක් මුහුදුබත් වීමේ අවදානමක් මතුව තිබෙනවා.
0 Comments