කාලයෙන් කාලයට සිදුවෙන ග්‍රහ මාරුවීම් ගැන ගොඩක් දෙනෙක් දැනගන්න කැමැත්තෙන් ඇති..
බුධ ග්‍රහයාගේ මේ සංක්‍රමණයක් ගැනයි මේ කියන්න යන්නේ..

"ලග්න දොළසටම අත්පොත් යෝගය උදා කරමින් ජුනි 06 වැනි සිකුරාදා දින උදේ 09.29ට ඥානකාරක බුධ තම ස්වක්ෂේත්‍ර රාශියක් වන මිථුනයට සංක්‍රමණය වෙනවා. මේ අතර බුධ, සිකුරු ෂඩ්කෝණ දෘෂ්ටියද සුබවාදීව ලග්න දොළසටම බලපානවා.
දාමිණි යෝගය වෙශී, වොශී, උභයචාරි යෝග අර්ධ සිංහාසන යෝගය, රවි චන්ද්‍ර ත්‍රිකෝණ දෘෂ්ටිය, කුජ චන්ද්‍ර ෂඩ්කෝණ දෘෂ්ටිය, රාශි දොළසටමද මිථුන, කන්‍යා, ධනු, මීන රාශි සතරට පංචමහා පුරුෂයෝග අතරින් භද්‍ර මහා පුරුෂ යෝගබලයද මේ අතර පැවතීම ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් යහපත් ලකුණු පහළ කරන්නක්. ගණිත මිණිත ඉංජිනේරු කාර්මික තාක්ෂණික මෙන්ම සාහිත්‍යය ව්‍යාපාර කළමනාකරණය, ඡ්‍යොතිර්විද්‍යාව, ගුප්ත විද්‍යාව, ආයුර්වේද දැනුම තීව්‍ර කිරීමෙහිලා අත්පොත් යෝගය අතිශය වැදගත් වෙනවා.
ලේඛන කලා කෞශල්‍යය, පොත් පත්, සඟරා පවත්වාගෙන යෑම, ලේඛන රටාවේ ආකර්ෂණීය හා වර්ණවත්බව පිළිබඳ අවධානය යොමු කළ යුතු කාලයක්.
ආගමික දැනුම අවබෝධය වැඩි කරගැනීම සුබවාදී වෙයි. ආර්ථික අඩු ලුහුඬුකම් දුරස්ථ වෙයි. සංවර්ධන රටාව නවීකරණය විය යුතු කාල පරාසයක්.
රට දැය සමයට, හිතකාමී වූ අගතිගාමී මාරක බැමිවලින් ගැලවීමටද දාමිණී යෝග බලය මෙන්ම භද්‍ර මහා පුරුෂ යෝගය බොහෝ දුරට බලපානු ඇතියි.
කෙසේ වෙතත් බාල පරපුර කෙරෙහි සුවිශේෂී බලවේග ක්‍රියාත්මක විය හැකි බැවින් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ අවධානය දැඩිව යොමු කළ යුතු වනු ඇතියි.
කාලගුණික, දේශගුණික සහ පාරිසරික අවහිර බාධක කෙරෙහි මෙන්ම යාන වාහන, ගුවන් මාර්ග, දුම්රිය මාර්ග ආශ්‍රිතව අනතුරු බහුලබවක් තවදුරටත් දෘශ්‍යමාන කෙරෙනවා."
සුබසෙත පුවත්පත ඇසුරෙන්..

0 Comments