Ticker

6/recent/ticker-posts

අසැබි වීඩියෝ දර්ශන නරඹා පාසල් සිසුවිය සහ සිසුවා අත්හදා බලන්න යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න

 

අසැබි වීඩියෝ දර්ශන නරඹා පාසල් සිසුවිය සහ සිසුවා අත්හදා බලන්න යයි..අවසානයේ සිදුවූ දේ මෙන්න.











‎සඳුන් නවගමුව ප‍්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.

‎වයස අවුරුදු 16කි. එම ප‍්‍රදේශයේ ජනප‍්‍රිය පාසලක එකොළොස් වෙනි ශ්‍රේණියේ ඔහු ඉගෙනුම ලබයි.

‎දැනට වසරකට පමණ පෙර සඳුන්ගේ දෙමව්පියන් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් ඔහුට ලබා දුන්නේය.

‎ඒ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු කිරීම සඳහාය.

‎ජංගම දුරකථන ලැබුණු පසු ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පසෙක තැබු සඳුන් අන්තර්ජාලය භාවිත කරමින් අසභ්‍ය වීඩියෝපට නැරඹීමට පුරුදු වී සිටියේය.

‎එයට අමතරව අසභ්‍ය දර්ශන එවන වට්ස්ඇප් ගෲප් දෙක තුනකද සාමාජිකයෙක් විය.

‎සඳුන්ගේ මව සහ පියා රැකියාවන්වල නිරත විය. දහවල් කාලයේ බොහෝ දුරට නිවසේ සිටියේ ඔහු පමණි.

‎එම නිසා උපරිම නිදහසකින් යුතුව අසභ්‍ය දර්ශන නැරඹීමට ඔහුට අවස්ථාව ලැබුණි.

‎රැකියාව නිමවී නිවසට පැමිණෙන දෙමව්පියන් කිසිදිනක තම පුතාට ලබාදුන් ජංගම දුරකථනය පරීක්ෂා කර බැලූවේ නැත.

‎ඒ ඔවුන්ගේ කාර්යබහුලත්වය නිසා. කලක සිට අසභ්‍ය දර්ශන නැරඹූ නිසා සඳුන්ගේ මනස විකෘති වී තිබුණි.

‎අධ්‍යාපන කටයුතු පවා පසෙක දැමූ ඔහු නිරතුරුවම කල්පනා කළේ තමා බලන අසභ්‍ය දර්ශන ප‍්‍රායෝගිකව ඉටු කර ගන්නේ කෙලෙසද කියාය.

‎ඒ සඳහා සුදුසු සහකාරියක් ඔහු සොයමින් සිටියේය. සඳුනි ඔහුගේ නිවස අසල පදිංචි පාසල් සිසුවියකි.

‎වයස අවුරුදු දාහතරකි. සඳුන් අධ්‍යාපනය හදාරන පාසලේම දහවැනි ශ්‍රේණියේ ඇය අධ්‍යාපනය හදැරැවාය.

‎අසල්වැසියන් නිසා කලක සිට ඔවුන් දෙදෙනා ඉතා කුළුපඟව ඇසුරු කළහ.

‎දිනපතාම අසභ්‍ය දර්ශන නරඹා මනස විකෘති වී සිටි සඳුන් දිනක් මෙලෙස කල්පනා කළේය. ‘‘මට තවත් මේ වීඩියෝ බල බල ඉවසන් ඉන්න බැහැ.

‎ඒවායේ වෙන දේවල් කරන්න කාව හරි හොයා ගන්න ඕනා. මේකට ඉන්නේ එකම එක්කෙනයි. ඒ සඳුනි විතරයි.

‎එයාගේ අම්මයි තාත්තයි වැඩට යනවානේ. ඒ නිසා සඳුනි විතරයි දවල්ට ගෙදර ඉන්නේ.

‎කොහොම හරි එයාව කැමති කරගන්න ඕනා මේ වැඬේට.

‎එතකොට මේ සේරම දේවල් මට එයා එක්ක කරන්න පුළුවන්.”

‎ඒ අනුව දිනක් දහවල් කාලයේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක ජංගම දුරකථනයද රැගෙන සඳුනිගේ නිවස වෙත ඔහු ගියේය.

‎එලෙස ගිය ඔහු සඳුනි සමග මෙලෙස කතාබස් කළේය. ‘‘කොහොමද සඳුනි අද ඉස්කෝලෙදි දැක්කෙවත් නැහැ.”

‎‘‘මම නං ඔයාව දැක්කා” ‘‘දැකලා ඇයි කතා කළේ නැත්තේ.”

‎‘‘ඒ වෙලාවේ කතා කරන්නේ කොහෙද ඔයා සෙල්ලං කර කරනේ හිටියේ.”

‎‘‘ඒක නොවෙයි මට ඇතුළට එන්න අවසර දෙනවද?”

‎‘‘ඇයි මොකද කවදාවත් නැතුව.” ‘‘ඇයි එහෙම කියන්නේ. මම මීට කලින් මෙහේ ඇවිල්ල නැද්ද ?”.

‎‘‘නැහැ නැහැ මම විහිළුවට කීවේ එන්න ඇතුළට.

‎මොකද අද ඇත්තටම අපේ ගෙදර ආවේ.”

‎‘‘ආවේ ඔයාට පොඩි දෙයක් පෙන්නන්න.” ‘‘ඒ මොකක්ද?”

‎‘‘හැබැයි පොරොන්දුවක් වෙන්න ඕනා. මේ ගැන කාටවත් කියන්නේ නැහැ කියලා.”

‎‘‘මට තේරෙන්නේ නැහැ ඔයා මොනවා කියනවද කියලා.” ‘‘එහෙනම් මෙන්න මේ ෆෝන් එකේ තියෙන ටික බලන්නකෝ.”

‎එලෙස කියූ සඳුන් තම ජංගම දුරකථනයේ තිබූ අසභ්‍ය දර්ශන වීඩියෝ පටයක් ඇයට නැරඹීමට දුන්නේය.

‎එක්වරම නොසිතු දෙයක් දුටු හෙයින් ඇය ලජ්ජාවට පත් වුනහ.

‎වහාම එය නැරඹීම පසෙකලා ජංගම දුරකථනය සඳුන්ට දුන්නාය.

‎ඒ බව තේරුම් ගත් සඳුන් ඇයට යළි මෙලෙස පැවසුවේය.

‎‘‘බයවෙන්න එපා. මේවා බැලූවා කියලා මොකුත් වෙන්නේ නැහැ. ඕවා තියෙන්නේ අපිට බලන්න තමයි.”

‎‘‘ඔයාට පිස්සුද මම කැමති නැහැ ඕවා බලන්න.” ‘‘හරි හරි ලැජ්ජ වෙන්න එපා.

‎මමත් මුල් දවස්වල ඔහොම තමයි. මම කාටවත් කියන්නේ නැහැ. ඔයා මේවා බලන්න.”

‎‘‘මම එක සැරයක් කිව්වනේ. මම ඕවා බලන්න කැමති නැහැ.”

‎ඇය කොතරම් එපා කීවත් සඳුන් කෙලෙස හෝ ඇයට එවැනි අසභ්‍ය වීඩියෝ පට දෙක තුනක් පෙන්නුවේය.

‎එතැන් පටන් දින කිහිපයක් ඔහු සඳුනිගේ නිවසට පැමිණ තම ජංගම දුරකථනයේ ඇති එවැනි අසභ්‍ය වීඩියෝ පට ඇයට පෙන්නුවේය.

‎සතියක් පමණ ගත වන විට ඇයද එම වීඩියෝපට නැරඹීමට පුරුදු වූවාය.

‎එලෙස දෙදෙනා වීඩියෝ පට නරඹන අතරතුර සඳුන් දිනක් ඇයට මෙලෙස පැවසුවාය.

‎‘‘සඳුනි මේවා බලලා විතරක් වැඩක් නැහැ. අපිත් මේ විදිහට ඉමු.” ‘‘අනේ මට බයයි.” ‘‘බයවෙන්න එපා.

‎ඔය ඕන තරම් කෙල්ලො කොල්ලො ඉන්නේ.” ‘‘අනේ සඳුන් ඒක නම් මට කරන්න බැහැ.”

‎‘‘ඔයා බය නැතුව ඉන්න. මේවා කාටවත් දැනගන්න තියන්නේ නෑ මම. අපි දෙන්න විතරයි මේවා දන්නේ.

‎ඇත්තටම මම ආසයි මේ වීඩියොවල ඉන්නවා වගේ ඔයත් එක්ක ඉන්න.”

‎අවසානයේ දෙදෙනා එම අසභ්‍ය වීඩියෝ පටවල සිටින ආකාරයට යහන මත හැසිරුණහ.

‎එතැන් පටන් දිනපතාම පාහේ ඔවුන් දෙදෙනා එවැනි වීඩියෝ පට නරඹා ඒ ආකාරයට ලිංගිකව හැසිරීමට පුරුදු වූහ.

‎ඒ අතරතුරදී ඇයගේ කන්‍යාභාවයද සඳුන් අතින් නැතිවිය.

‎සතියක් දෙකක් නොව වසරකට ආසන්න කාලයක් වයස අවුරුදු දහසයකටත් අඩු මෙම පාසල් සිසුවා සහ සිසුවිය එලෙස ලද සෑම අවස්ථාවකම ලිංගිකව එකතු වූහ.

‎දරුවන් ගැනම නොසිතා රැකියාවල නිරතවන දෙපාර්ශ්වයේම දෙමව්පියන්ටද මේ පිළිබඳව අංශු මාත‍්‍රයක්වත් දැන ගැනීමට නොහැකි වූහ.

‎කාලය එලෙස ගෙවී ගියේය. දැනට මාස කිහිපයක සිට සඳුනිට උදරාබාධයක් සෑදුණි.

‎ඇය ඒ පිළිබඳව මව්පියන් දැනුවත් කළාය. ඔහු ඒ සඳහා අවස්ථා දෙක තුනකදී ප‍්‍රතිකාර සිදු කළත් සාර්ථක වූයේ නැත.

‎අවසානයේ ඔවුන් ඇයව මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කළේය.

‎එම වෛද්‍යවරයා ඇයව හොඳින් පරීක්ෂා කර බැලූවේය. එහිදී අනාවරණය වූයේ ඇය ගැබ් ගෙන ඇති බවයි.

‎ඒ වනවිටත් ඇයගේ දරු ගැබට මාස හතක් ගතවී තිබුණි.

‎එය දැනගත් ඇයගේ දෙමව්පියන්ට උන් හිටි තැන් අමතක විය.

‎තම දියණිය සිදුකර ගත්තේ කුමන අපරාධයක් දැයි කියමින් විලාප තැබුවාය.

‎වෛද්‍යවරයා වහාම මේ පිළිබඳව නවගමුව පොලිසිය දැනුවත් කළේය.

‎ඒ අනුව නවගමුව පොලිසියේ ස්ථානාධිපති ලක්ෂ්මන් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳව පරීක්ෂණයක් සිදු කෙරිණි.

‎එහිදී අනාවරණය වූයේ කලක සිට ඉහත සඳහන් කළ පාසල් සිසුවා අසභ්‍ය වීඩියෝ පට නරඹමින් මෙම පාසල් සිසුවිය සමග ලිංගිකව හැසිරී ඇති බවයි.

‎අවසානයේ සැකකාර පාසල් සිසුවාව කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේ එම ගැබිනි පාසල් සිසුවිය සහ සැකකාර සිසුවාව පරිවාස භාරයට පත්කරන ලෙසයි.

‎මෙම සිද්ධිය දෙස බැලීමේදී එම ළමුන් පිටම වරද පැටවිය නොහැකිය.

‎මෙයට සෘජුවම වගකිය යුත්තේ එම දරුවන් දෙදෙනාගේ දෙමවුපියන්ය.

‎එම දෙමව්පියන් තම දරුවන් ගැන නිසියාකාරව සොයා බැලූවේ නම් අද මෙවන් තත්ත්වයක් උදා නොවනු ඇත.

‎කාර්යබහුලත්වයත් සමඟ දරුවන්ගේ අවශ්‍යතාවන් ඉටු කළත් ඔවුන් දෙස දැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන්ට නොහැකි වන්නට ඇත.

‎එමනිසා ඔවුන් අද මැරි මැරී උපදිනවා ඇත. වර්තමානයේ අප ජීවත් වන්නේ තාත්තා දුව, අයියා නංගි දූෂණය කරන සමාජයකයි.

‎ඒ අනුව බලන කල මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්ත්වයකට වැටී ඇත.

‎දෙමව්පියන් වශයෙන් එවැනි සමාජයක ජීවත්වන දරුවන් ගැන ඔබ කොතරම් කාර්යබහුල වුවත් වරක් නොව දස දහස් වාරයක් සොයා බැලිය යුතුය.

‎එසේ වුවහොත් නොදැනුවත්කම නිසා දරුවන් අතින් සිදුවන වැරදි බොහොමයක් වළක්වා ගත හැකිය.

‎තවද පැවසිය යුතු කරුණක් තිබේ.

‎එනම් මෙවැනි කතා අප පාඨක ඔබ වෙත ඉදිරිපත් කරනුයේ රසාස්වාදයක් ලබා ගැනීම සඳහා නොව සමාජ මාර්ගෝපදේශයක් ලබා ගැනීම සඳහාය.

‎මෙම සිද්ධිය පිළිබඳව විමසීමේදී නවගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා අප සමඟ මෙලෙසද පැවසුවේය.

‎‘‘තවත් මෙවැනි සිද්ධීන් තුනක් පමණ අපට වාර්තා වී තිබෙනවා. ඒවා මෙතරම් දරුණු නොවුණත් සිදුවී ඇත්තේ දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා.

‎මෙවැනි සිද්ධි වලට සෘජුවම වගකියන්න ඕනා දෙමව්පියන්.

‎ඔවුන් කොතරම් කාර්යබහුල වුවත් දරුවන් ගැන සොයා බැලිය යුතුයි.

‎අද බහුතරයක් ළමයි ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වී තිබෙනවා.

‎ළමයි නොමඟ යෑමට ප‍්‍රධානම හේතුව එයයි.

‎එම නිසා මම දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා තම දරුවා ජංගම දුරකථනයක් භාවිත කරන්නේනම් නිරතුරුවම ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස.

‎එසේ වුවහොත් ඔවුන් අතින් සිදුවන වැරදි අවම කරගත හැකිය.”


Post a Comment

0 Comments