හැටන් වැවිලි සමාගම යටතේ පාලනයවන වටවල කැරොලිනා වතු යායට අයත් බිංඔය වතුයායේ වතු කම්කරුවන් පිරිසක් දේහයක් සහිතව (29) දින උද්ගෝෂණයක නිරත වී තිබෙනවා.
තම වතුයායේ පවුල් 800ක් පමණ ජීවත් වන බවත්, තම වතුයායේ මියයන අය භූමදානය කිරිමට සුසානභූමියක් නොමැති බවත්, තම වතුයායට වෙන් කර තිබූ හැටන්ඔය ආසන්නයේ තිබූ සුසානභූමිය පුද්ගලයෙකු විසින් අත්පත් කරගෙන ඇති බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටින්නේ.
වතුයාය මගින් වත්තේ මියයන අය භූමදානය කිරිම සදහා වෙන්කර තිබූ සුසානභූමියේ දේහයන් හතරක් භූමදානය කල බවත්, එම ඉඩම පුද්ගලයෙකු විසින් ඔහුට නීත්‍යානුකූලව අයිති වී ඇති බව පවසමින් එම ඉඩමේ භූමදාන කටයුතු සිදු කිරිමට ඉඩ ලබා නොදීම හමුවේ බිංඔය වතු යායේ වතු කම්කරුවන් දැඩි ලෙස පීඩාවට පති වී ඇති බවයි පවසන්නේ.
පවත්නා තත්වය මත තම වතුයායේ මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදානය කිරිම සදහා තම වතු යායේ පිහිටි පෞද්ගලික ඉඩමක හිමිකරුවෙකු විසින් භූමදාන කටයුතු සිදු කිරිමට තාවකාලිකව ඉඩම් කැබැල්ලක් ලබා දී ඇති බවත්, එම ඉඩමේ භූමදාන කටයුතු දිගටම සිදු කිරිමට නොහැකි නිසා තම වතුයායේ මිය යන පුද්ගලයන්ගේ දේහයන් භූමදාන කටයුතු සිදු කිරීමට ඉඩමක් ලබා දෙන ලෙස ඉල්ලන බවයි මෙම උද්ගෝෂණයේ නිරත උද්ඝෝෂකයින් කියා සිටියේ.
0 Comments