Ticker

6/recent/ticker-posts

රාජ්‍ය ආයතන, පාසැල්, ඉදිකිරීමේ ස්ථාන සහ ආගමික ස්ථානවල මදුරුවන් බෝ වීමේ වර්ධනයක්

 

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් විසිතුන් දහස් හාරසිය හතරක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. 

 
එහි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර කියා සිටියේ දින 2 කට වඩා උණ රෝගය පවතීනම් නිවෙස් තුළ ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය බවයි. රාජ්‍ය ආයතන, පාසැල්, ඉදිකිරීමේ ස්ථාන සහ ආගමික ස්ථානවල මදුරුවන් බෝවීම ඉතා ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. 
 
කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ප්‍රකාශ කළේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොවන පිටකොටුව පාවෙන වෙළඳසැල ඩෙංගු මදුරුවන් විශාල ප්‍රමාණයෙන් බෝ වන ස්ථානයක් බවට පත්ව ඇති බවයි. 
 
පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකුන් ගුන්යා රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව තම ගෙවත්තේ සහ නිවෙස් අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කර දමන ලෙසයි සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 
 
මේ අතර, මෙරට තුළ ඩෙංගු සහ චිකන්ගුන්‍යා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමු කර හදිසි තත්වයකදී සූදානම් වීම සහ ආසාදන රෝග පාලනයට කඩිනමින් කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගත යුතු බව වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළා. 
 

මේ අතර ඉන්දියාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තුන්දහස ඉක්මවා ගොස් තිබෙනවා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කේරලය, මහාරාෂ්ට්‍රය , නවදිල්ලිය සහ ගුජරාට් යන ප්‍රාන්තවලින්.

Post a Comment

0 Comments